Thursday, April 25, 2019

හඬන්නීය... ඈ... ලක් අම්මා...

දශක ත්‍රිත්වයක් ඈ...
හැඬුවා ය, වැළපෙමින්...
යුධ බියෙන් ඇළලෙමින්..
තවත් දශකයක් ඈ..
වින්දා ය, සුවසේ ..
සැනසෙමින්, හිනැහෙමින්..
නමුදු....
එකම එක ක්ෂණයකින් ..
වියරු වැටුනු මිනිසුන්ට...
ඔටුනු ලන්නට සිහසුනේ..
සැනෙකින්  සිඳ දැමුවා ය.. ඈ...
රුදුරු ගිනි අවුලුවා ..
හඬන්නීය ඈ තවමත්..
ඉකිගසා කෑ ගසමින්..
එහෙත්.....
නෑසුනි කිසිවෙකුට..
ඇගේ ඒ විලාපය..

අශී
04/25


No comments:

Post a Comment