දන්නව නම් හිත හඬන තරම්. ..
දැනෙනව නම් හිත බිඳෙන තරම්. ..
නෑ කිසිදින ඔබ ඔය ලෙස ඉන්නේ. ..
ආදරෙයි නම් නිල් අහස තරම්. ..
දන්නව නම් හද ගැහෙන තරම්. ..
දැනෙනව නම් නෙතු සොයන තරම්. ..
නෑ කිසිදින ඔබ ඔය ලෙස ඉන්නේ. ..
ආදරෙයි නම් මහ සයුර තරම්. ..
දන්නව නම් කඳුළින් නෙතු පිරෙන තරම්. ..
දැනෙනව නම් හද ඔබ පතන තරම්. ..
නෑ කිසිදින ඔබ නිහඬව ඉන්නේ. ..
ආදරෙයි මම මහ මළුව තරම්. ..
04/22
අශී

No comments:
Post a Comment