දඟ කරන නෙතු දැහැන් ගත වන කල..
ම'නෙත් අද්දර සෙනෙහසින්..
දරන්නට බෑ ම'සිත ස්නේහය..
ඉතිරිලා යයි නෙත් විලෙන්..
සයුරු තෙර හිඳ හමන මදනල..
මුමුණනා සඳ අපේ පෙම්කව..
හිඳින්නට නම් බෑ වෙන්ව මොහොතක්..
පිදෙයි කොඳ මල් හද පුදසුනේ..
ම'සිත් නුබ ගැබ සනසමින්..
වෙසක් පුර සඳ මෝදු වෙන කල..
පුරන්නම් මා බොහෝ පැතුමන්..
සදා ඉන්නට ඔබ ළඟින්..
අශී
04/22
ම'නෙත් අද්දර සෙනෙහසින්..
දරන්නට බෑ ම'සිත ස්නේහය..
ඉතිරිලා යයි නෙත් විලෙන්..
සයුරු තෙර හිඳ හමන මදනල..
මුමුණනා සඳ අපේ පෙම්කව..
හිඳින්නට නම් බෑ වෙන්ව මොහොතක්..
පිදෙයි කොඳ මල් හද පුදසුනේ..
ම'සිත් නුබ ගැබ සනසමින්..
වෙසක් පුර සඳ මෝදු වෙන කල..
පුරන්නම් මා බොහෝ පැතුමන්..
සදා ඉන්නට ඔබ ළඟින්..
අශී
04/22

No comments:
Post a Comment